• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහජන චීන සමූහාණ්ඩුව වෙතින් රෙන්මින්බි යුවාන් මිලියන 200 ක පොලී රහිත ණය මුදලක් ලබාගැනීම

- චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍ර සබඳතා සහ ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින්, මහජන චීන සමූහාණ්ඩුව විසින් යුවාන් මිලියන 200ක පොලී රහිත ණය මුදලක් ශ්‍රී ලංකා රජය වෙත ලබා දීමට එකඟත්වය පළ කර ඇත. රජයන් දෙක අතර සාකච්ඡා මාර්ගයෙන් එකඟ වනු ලබන ප්‍රමුඛතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස මෙම ණය මුදල උපයෝගි කර ගනු ලැබේ. මෙම කාර්යය සඳහා ගිවිසුමකට එළඹීම පිණිස, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.