• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොහොර ප්‍රසම්පාදනය කිරීම - මහ කන්නය 2013/2014

- සහනාධාර ක්‍රමය යටතේ ගොවීන්ට පොහොර ලබා දීමේ වැඩසටහන, කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් ඉටු කරනු ලබයි. 2013/2014 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය, 2013 වසර සඳහා ලියාපදිංචි පූර්ව සුදුසුකම්ලත් පොහොර සැපයුම්කරුවන් මඟින් මිල දී ගැනීම පිණිස දැනටමත් කටයුතු අරඹා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි, සාර්ථක ලංසුකරුවන්ට පොහොර සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස, කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.