• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංවර්ධනය සඳහා වන සවුදි අරමුදල විසින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘතිය - මහනුවර - යාපනය (ඒ9) මාර්ගයේ පලාපත්වල සිට නාඋල දක්වා මාර්ග කොටස (කි.මී. 32.54 සිට කි.මී. 54.18 දක්වා) පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම

- ශ්‍රී ලංකාවේ ජාතික මාර්ග ජාලයේ කි.මී. 144 ක් පමණ පුනරුත්ථාපනය කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා සවුදි රියාල් 225,000,000 ක (ආසන්න වශයෙන් ඇ.ඩො.මි. 60 ක) ණය මුදලක්, සංවර්ධනය සඳහා වන සවුදි අරමුදලින් ශ්‍රී ලංකා රජය වෙත ලැබී ඇත. දැනට පවතින මාර්ගයන් වෙත සබඳතාව සැපයීම මඟින් කාර්මික සහ කෘෂිකාර්මික කටයුතු සඳහා පහසු ප්‍රවේශය වැඩිදියුණු කිරීමෙන් ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහාද මෙම ව්‍යාපෘතිය සහාය සලසනු ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි, මහනුවර - යාපනය (ඒ9) මාර්ගයේ පලාපත්වල සිට නාඋල දක්වා (කි.මී. 32.54 සිට කි.මී. 54.18 දක්වා) වන මාර්ග කොටස පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම සඳහා මෙම ණය මුදලින් කොටසක් උපයෝගි කරගැනීම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.