• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු විසින් සපයනු ලබන අරමුදල් මඟින් දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදවා ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම - අදියර 2 ය‍ටතේ කොන්ත්‍රාත් හයක් (06) ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි, ඉහත ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් මාර්ග කොටස් පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* අම්බලන්ගොඩ - ඇල්පිටිය - පිටිගල මාර්ගයේ (බී 14) කි.මී. 16.23 සිට කි.මී. 29.36 දක්වා;
* හැඳල - හුණුපිටිය මාර්ගයේ (බී 151) කි.මී.0.00 සිට කි.මී. 4.02 දක්වා;
* කෝට්ටේ - බෝපේ මාර්ගයේ (බී 240) කි.මී. 0.00 සිට කි.මී. 3.70 දක්වා කොටස සහ බත්තරමුල්ල - පන්නිපිටිය මාර්ගයේ (බී47) කි.මී. 0.00 සිට කි.මී. 3.50 දක්වා;
* පැල්මඩුල්ල - ඇඹිලිපිටිය - නෝනාගම මාර්ගයේ (ඒ18) කි.මී. 66.26 සිට කි.මී. 87.69 දක්වා;
* මැදවච්චිය - හොරව්පතාන මාර්ගයේ (බී282) කි.මී. 0.00 සිට කි.මී. 10.00 දක්වා; සහ
* මාතලේ - වත්තේගම මාර්ගයේ (බී462) කි.මී. 0.00 සිට කි.මී. 13.00 දක්වා;