• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හෝමාගම, පිටිපන මහින්ද රාජපක්ෂ ආදර්ශ ජාතික පාසලෙහි නේවාසිකාගාරය සඳහා ඉඩමක් පවරා දීම

- ද්විතීයික පාසල් 1000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ඉදි කරන ලද ප්‍රථම ආදර්ශ ජාතික පාසල මෙය වේ. එහි වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 2447ක් වන අතර, සිසුන් බහුතරයක් පාසලට පැමිණෙන්නේ දුර බැහැර ප්‍රදේශවල සිටය. දුර බැහැර සිට පාසලට පැමිණෙන සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද නේවාසික පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය කරුණක් බව නිරීක්ෂණය කර ඇත. පාසලේ යෝජිත නේවාසික පහසුකම් අවශ්‍යතා සපුරා ලීම පිණිස උපයෝගි කරගැනීම සඳහා හඳුනාගෙන ඇති, සීමාසහිත ලංකා සළුසල ආයතනයට අයත් බිම් කොටස අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා දීම පිණිස, අධ්‍යාපන අමාත්‍ය, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.