• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇෆ්ඝනිස්තානයේ කාබුල් නුවර ශ්‍රී ලංකා නේවාසික රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයක් ස්ථාපිත කිරීම

- ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය දශක කිහිපයක් පුරාවට සමීප ද්විපාර්ශ්වික සබඳතා පවත්වාගෙන ගොස් තිබේ. දෙරට අතර පවතින මෙම ඓතිහාසික සබඳතා ඇෆ්ඝනිස්තානය 2007 වසරේදී දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයට (සාර්ක්) ඇතුළත් වීමත් සමඟ තවදුරටත් වර්ධනය විය. ඇෆ්ඝනිස්තානයේ, කාබුල් නුවර ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලයක් පිහිටුවීමට අදාළව ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා, විදේශ කටයුතු අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.