• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආගමික සිද්ධස්ථාන වෙත රාජසන්තක කරන ලද වැලි සහ දැව ලබා දීම

- ආගමික සිද්ධස්ථානවල අලුත්වැඩියා කටයුතු සඳහා එම සිද්ධස්ථාන මඟින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් මත, එක් සිද්ධස්ථානයකට වැලි කියුබ් 10ක සහ දැව කියුබික් අඩි 100ක උපරිමයකට යටත්ව, අදාළ බලධාරින් විසින් රාජසන්තක කරන ලද වැලි සහ දැව සහනදායී ගාස්තු ප්‍රමාණයන් මත ආගමික සිද්ධස්ථාන වෙත මුදා හැරීම පිණිසත්, ඉතිරි වන වැලි සහ දැව තොග රජයේ ඉදි කිරීම් ආයතනවලට මුදා හැරීම පිණිසත්, අධිකරණ අමාත්‍ය, ගරු රවුෆ් හකීම් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.