• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බලශක්ති සමාජයක් (Energy Club) පිහිටුවීම පිළිබඳව ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO), සාමාජික රාජ්‍යයන්, නිරීක්ෂකයින් හා "ඩයලොග් පාට්නර්ස්" (Dialog Partners) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම

- ෂැංහයි සහයෝගිතා සංවිධානය යනු කසකස්තාන ජනරජය, මහජන චීන ජනරජය, කිර්ගීස් ජනරජය, රුසියානු සමූහාණ්ඩුව, තජිකිස්තානු ජනරජය හා උස්බෙකිස්තානු ජනරජය මුල් වී 2001 ජුනි මසදී, චීනයේ ෂැංහයි නගරයේදී පිහිටුවා ගත් අන්තර් ආණ්ඩු අතර වන නිත්‍ය ජාත්‍යන්තර සංවිධානයකි. මෙම සංවිධානයේ ප්‍රධාන අභිමතාර්ථයන් වනුයේ, සාමාජික රාජ්‍යයන් අතර අන්‍යොන්‍ය විශ්වාසය සහ මිත්‍රත්වය ශක්තිමත් කිරීම, ආර්ථික හා වෙළඳ, විද්‍යා හා තාක්ෂණ, සංස්කෘතික, අධ්‍යාපන, බලශක්ති, ප්‍රවාහන, පාරිසරික ආරක්ෂණය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රයන්ගේ ඵලදායී සහයෝගීතාවයක් වර්ධනය කරගැනීමයි. බලශක්ති සමාජයේ අභිමතාර්ථයන් වනුයේ බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රමෝපායන්, ක්‍රමසම්පාදන, ප්‍රතිපත්ති හා ආයෝජන ගැටලු පිළිබඳව අදහස් හුවමාරු කරගැනීම, බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කරගැනීම සහ එම ක්ෂේත්‍රයේ විශේෂඥතාවක් සහිත වෘත්තියවේදීන් පුහුණු කිරීම වේ. ඉහත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිණිස, විදුලිබල හා බලශක්ති අමාත්‍ය, ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.