• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ අපජල පවිත්‍රාගාරය ඉදි කිරීමේ ඉඩම් නිදහස් කරගැනීම

- මහනුවර නගර මධ්‍යස්ථානය, මහනුවර වැව රවුම, පේරාදෙණිය - මහනුවර පාර, විලියම් ගොපල්ලව මාවත සහ මහයියාව ආවරණය වන පරිදි හෙක්ටයාර් 733ක ප්‍රදේශයකට සේවා සැපයීම සඳහා අපජලය බැහැර කිරීමේ පද්ධතියක් සැලසුම් කොට ඇත. මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා යෝජිත අපජල පවිත්‍රාගාරය ඉදි කිරීම පිණිස, හඳුනාගත් ඉඩම් කොටස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත මුදා හැරීම පිණිස, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.