• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දඹුල්ල පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය

- දඹුල්ල නගර මධ්‍යස්ථානය හා ඒ අවට ප්‍රදේශවල ශීඝ්‍රයෙන් වර්ධනය වන ආර්ථික කටයුතුවලට පහසුකම් සැලසීම පිණිස, නාගරික සංවර්ධන අධිකාරිය විසින් මහා දඹුල්ල සංවර්ධන සැලැස්ම පිළියෙල කරන ලදී. මෙම කාර්යයෙහි වැදගත්කම සහ හදිසිතාව සැලකිල්ලට ගනිමින්, පූජා භූමි සංවර්ධන සැලැස්මේ ඉතිරි සංවර්ධන කටයුතු ප්‍රමුඛතා පදනමක් මත, පවරාගැනීම පිණිස නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියා කරන ලදී. මීට අදාළ ඉදිරි කටයුතු කරගෙන යාම පිණිස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.