• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාදුක්ක, දෙල්කඳ සහ ඇඹිලිපිටිය පොළ සංවර්ධන ව්‍යාපෘති

- මහජනතාව‍ගේ සහ වෙළඳුන්ගේ යහපත උදෙසා, දැනට පවත්වාගෙන යනු ලබන පාදුක්ක පොළ සහ ඇඹිලිපිටිය පොළ සංවර්ධනය කිරීම පිණිසත්, දෙල්කඳ ප්‍රදේශයේ හයිලෙවල් පාර දෙපස දැනට පවත්වාගෙන යනු ලබන දෙල්කඳ පොළ වෙනත් ස්ථානයක පිහිටුවීම පිණිසත්, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.