• Increase font size
  • Default font size
  • Decrease font size

2013-11-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ, බේරේ වැවෙහි දීර්ඝකාලීන නඩත්තු කටයුතු සඳහා ජලාශ ප්‍රදේශය ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට භාර දීම

- ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි පරිසර හිතකාමී නගර වශයෙන් කොළඹ හා ඒ අවට ප්‍රදේශ සංවර්ධනය කිරීමට රජය ක්‍රියා කරමින් සිටියි. කොළඹ නගරය ආශ්‍රිත ප්‍රධාන ඇළ මාර්ග පද්ධතියෙහි නඩත්තු කටයුතු සහ නව ජලාශ ඉදි කිරීමේ කටයුතු, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කර ගෙන යනු ලබන බැවින්, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ එකඟතාව සහිතව, නඩත්තු කටයුතු සඳහා බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශය ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට පැවරීම සඳහා, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.