• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව ප්‍රදාන අරමුදල සඳහා දායකත්වය
- ශ්‍රී ලංකාව දිගුකාලයක් මුළුල්ලේ පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව හා අධිශිෂ්‍යත්ව සැලසුමේ ප්‍රතිලාභියෙකු වන අතර, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යයන ප්‍රමිතිය ඉහළ නැංවීම කෙරෙහි සුවිශේෂි දායකත්වයක් සලසා දී ඇති මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලබා ඇත. එක්සත් රාජධානියේ ශිෂ්‍යත්ව කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාව වෙත ඒ සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබා දෙන අතරම, මෙම වසරේ පටන් ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්ව පිරිනමන රටක් වශයෙන් ලැයිස්තු ගත කර ඇත. 2013 වසර සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට වෙන් කර දී ඇති අරමුදල් උපයෝගී කර ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ශිෂ්‍යත්ව ප්‍රදාන අරමුදල වෙත එක්වරක් පමණක් ගෙවිය යුතු එ.ජ.ඩොලර් 50,000ක මූල්‍ය දායකත්වයක් ලබාදීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.