• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය - අදියර II හි කොන්ත්‍රාත් පැකේජ හතර (04) ප්‍රදානය කිරීම
- උතුරු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය යටතේ ජාතික මහා මාර්ග කිලෝ මීටර් 120ක් පමණ පුනරුත්ථාපනය කිරීමේ හා වැඩිදියුණු කිරීමේ පිරිවැය සපුරා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය ආසියානු සංවර්ධන බැංකුවෙන් එ.ජ.ඩොලර් මිලියන 98ක ණය මුදලක් ලබා ගෙන ඇති අතර, එකී ණය මුදලේ ප්‍රතිෂ්ඨාවෙන් කොටසක් -

* මැදවච්චිය - මන්නාරම - ‍තලේමන්නාරම මාර්ගය (A14) කි.මී.47.00 සිට කි.මී.62.10 දක්වා;
* මැදවච්චිය - මන්නාරම - ‍තලේමන්නාරම මාර්ගය (A14) කි.මී.62.10 සිට කි.මී.76.50 දක්වා;
* යාපනය - පන්නෛ - කයිට්ස් මාර්ගය (AB19) කි.මී.0 සිට කි.මී.10.00 දක්වා; සහ
* යාපනය - පන්නෛ - කයිට්ස් මාර්ගය (AB19) කි.මී.10.00 සිට කි.මී.20.275 දක්වා;

යන මාර්ග පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා උපයෝගීකර ගැනීමට නියමිතය. මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.