• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රජා සංවර්ධනය සඳහා ජල සම්පත් භාවිතය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය - 2013
- ප්‍රජා සංවර්ධනය සඳහා ජල සම්පත් භාවිතය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය නොබෝදා අනුරාධපුරයේදී පවත්වන ලදී. ඒ සඳහා ඉන්දියාව, පාකිස්ථානය, මාලදිවයින සහ භූතානය ආදී දකුණු ආසියානු කලාපීය රටවල සම්භාවනීය අමුත්තන් සහ ප්‍රජාමූල ජල සම්පාදන සංවිධාන 450ක දේශීය නියෝජිතයන් සහභාගිවී ඇත. ජල සම්පාදනය පිළිබඳ සිය දැනුම හා මෙම කලාපය තුළ ඔවු නොවුන් ප්‍රගුණ කළ ප්‍රශස්ත ක්‍රමවේදයන් පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහාත්, ජල සම්පාදන යෝජනා ක්‍රම කළමනාකරණයෙහි නියැළි ප්‍රජාමූල සංවිධාන අතර අනෝන්‍ය අවබෝධය සහ සහයෝගය ප්‍රවර්ධනය කිරීම සඳහාත්, වැඩමුළු කිහිපයක් මෙම සමුළුවේදී පවත්වා ඇත. ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉහත තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.