• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-31 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පෝෂණය සඳහා වන බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම
- ශ්‍රී ලංකා‍ව සීග්‍ර සංවර්ධන මාවතකට ප්‍රවිශ්ටවී ඇති බවත්, රට හමුවේ ඇති අභියෝගයන්ට මුහුණදීම පිණිස අප ශ්‍රම බලකාය කායික හා මානසික සෞඛ්‍යයෙන් පිරිපුන් ඵලදායී මානව සම්පතක් බවට පත් කළ යුතුව ඇති බවත් නිරීක්ෂණය කර ඇත. රටේ ජනගහනයේ සියලු වයස් කාණ්ඩවල හා සෙසු පාර්ශ්වවල පෝෂණ තත්ත්වය, නියමිත මට්ටමට වර්ධනය කිරීමේ කාර්යය හුදෙක් සෞඛ්‍ය අංශයට පමණක් සීමා නොවන අතර, අධ්‍යාපන, කෘෂිකර්ම, පශු සම්පත් ආදී සෙසු ක්ෂේත්‍ර හා පාර්ශ්වයන්ගේ මැදිහත්වීම ද ඒ සඳහා අත්‍යවශ්‍ය වේ. එබැවින් පෝෂණ ක්ෂේත්‍රය බහු ආංශික මැදිහත්වීමක් අත්‍යවශ්‍ය වන ක්ෂේත්‍රයක් වශයෙන් හඳුනා ගනු ලැබේ. ජාතික පෝෂණ සභාවේ මඟපෙන්වීම මත, විද්වත් මණ්ඩලයක් විසින් පෝෂණය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව සම්පාදනය කරන ලද ක්‍රියාකාරකම් මෙම බහු ආංශික ක්‍රියාකාරී සැලැස්මෙහි අන්තර්ගත වේ. ඉහත කී පෝෂණය සඳහා වන ක්‍රියාකාරකම් වලට අදාළ ඉදිරි කටයුතු කිරීම සඳහා ජාතික පෝෂණ සභාවේ සභාපති වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.