• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු මුදල් ආධාර මඟින් මාර්ග කොටස් නවීකරණය සහ වැඩිදියුණු කිරීම
දේශීය බැංකු මුදල් ආධාර මඟින් මාර්ග කොටස් නවීකරණය සහ වැඩිදියුණු කිරීම - පහත සඳහන් මාර්ග කොටස් නවීකරණ සහ වැඩිදියුණු කිරීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති අතර, මෙම කාර්යය සඳහා දේශීය බැංකු සමඟ ණය ගිවිසුම්වලට එළඹීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට බලය පැවරීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* නාරම්මල සිට දංකොටුව දක්වා මාර්ග කොටස (බී 308) (කි.මී. 16.03 සිට කි.මී. 45.25 දක්වා);
* අඹේපුස්ස - කුරුණෑගල - ත්‍රිකුණාමලය මාර්ගයේ (ඒ6) අඹේපුස්ස සිට ගලේවෙල දක්වා මාර්ග කොටස (කි.මී. 0.00 සිට කි.මී. 75.11 දක්වා;
* කඩවලගෙදර සිට විතිකුලිය දක්වා වන කි.මී. 14.00ක දිගින් යුත් මාර්ග කොටස;
* දැදුරු ඔය සහ කඩිගාව හරහා මංතීරු දෙකක පාලමක් ඉදි කිරීම; සහ
* කැලණිමුල්ල - මුල්ලේරියාව - කොස්වත්ත මාර්ගය - අදියර 1 - කි.මී. 0.00 සිට කි.මී. 0.60 දක්වා කණු මත ඉදි කෙරෙන ප්‍රවේශ මාර්ගයක් තැනීම.