• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය - I අදියර සඳහා සැලසුම්, ඉදි කිරීම් අධීක්ෂණ සහ කළමනාකරණ සහාය සඳහා උපදේශකවරුන් පත් කිරීම
- ඉහත සඳහන් ජල සම්පාදන ව්‍යාපෘතිය, ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනය (JICA) මඟින් සහ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරනු ලබන අතර, ව්‍යාපෘතියේ පිරිවැය ජපන් යෙන් මිලියන 5,166ක් වන අතර, ශ්‍රී ලංකා රජයේ දායකත්වය රුපියල් මිලියන 2,789කි. මෙම ව්‍යාපෘතිය පහත සඳහන් අදියර දෙකෙන් සමන්විතය.

අදියර I - මැදවච්චිය හා රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට පානීය ජලය සම්පාදනය කරනු ලබන මහකනදරාව ජල සම්පාදන ව්‍යාපෘතිය; සහ
අදියර II - කහටගස්දිගිලිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන සහ පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට පානීය ජලය සම්පාදනය කරනු ලබන වාහල්කඩ ජල සම්පාදන යෝජනා ක්‍රමය.
අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටු‍වේ නිර්දේශය පරිදි අදියර 1 හි උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.