• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළු ගඟ ජලාශයේ ප්‍රධාන වැඩ ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව පිරිනැමීම
- මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල මැතිවරණ කොට්ඨාසයේ පල්ලේගම නගරය ආශ්‍රිත ස්ථානයකදී කළු ගඟ හරහා කළු ගඟ ජලාශය ඉදි කිරීමට යෝජනා වී ඇත. සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල (SFT), ආරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදල (KFAD) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) මඟින් කළු ගඟ ජලාශය ඉදි කිරීම සඳහා ඒකාබද්ධ අරමුදල් සපයනු ලැබේ. අමාත්‍ය මණ්ඩලය පත් කළ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙම කොන්ත්‍රාත්තුව අගයන ලද අවම ලංසුකරුට ප්‍රදානය කිරීම සඳහා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය, ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.