• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගාලු පාර සහ ආර්.ඒ.ද මෙල් මාවත නවීකරණය කිරීම - ලිබර්ටි වටරවුමේ සිට ධර්මාරාම පාර හන්දිය දක්වා
- කොළඹ අගනගර සංවර්ධන ව්‍යාපෘතිය, නැවත ඉදි කිරීම සහ සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව (IBRD) විසින් ණය ආධාර සපයනු ලබන ලෝක බැංකු ව්‍යාපෘතියක් වන අතර, ඒ හරහා ලැබෙන ණය ආධාර උපයෝගී‍ කර ගනිමින් කොළඹ අගනගරය ආශ්‍රිත ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාත්මක කරනු ලැබේ. ලිබර්ටි වටරවුමේ සිට ධර්මාරාම පාර හන්දිය දක්වා ගාලු පාර සහ ආර්.ඒ.ද‍ මෙල් මාවත නවීකරණයද මෙම ව්‍යාපෘතියේ කොටසකි. අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකූල ලෙස ප්‍රතිචාර දැක්වූ අගයන ලද අවම ලංසුකරුට ඉහත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.