• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ වර්තමාන කෘෂි කාර්මික අවශ්‍යතා සඳහා ගැළපෙන පූර්ණ වශයෙන් නිපුණ වෘත්තිකයින් බිහි කිරීම සඳහා කෘෂිකර්ම විද්‍යාල සංවර්ධනය කිරීම
- ගෝලීය ශ්‍රම බලකායේ ඉල්ලුමට මුහුණදීමට තරුණ පරපුරට හැකියාව ලැබෙන පරිදි අන්තර්ජාතික පිළිගැනීමක් සහිත සුදුසුකම් ලබා ගත හැකි ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් සහිත පුහුණු වැඩසටහන් හා තෘතීයික අධ්‍යාපන වැඩසටහන් හැදෑරීමට අප රටේ තරුණ පරපුර සඳහා අවස්ථා සැපයීමට/ලබාදීමට කෘෂිකර්ම විද්‍යාල සංවර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.