• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව තුළ තිරසර (සුනිත්‍ය) ජෛව ස්කන්ධ බලශක්ති නිෂ්පාදනය සහ නව ජෛව ශක්ති තාක්ෂණය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය
- විභව ශක්තියක් සහිත ජලය, ගල් අඟුරු සහ ‍ෆොසිල ඉන්ධන භාවිතයට ගනිමින් ශ්‍රී ලංකාවේ දැනට ජල විදුලි බලය සහ තාප විදුලි බලය උත්පාදනය කෙරේ. මෙයට අමතරව සුළං බලය, සූර්ය තාපය සහ ජෛව ස්කන්ධ ශක්තිය භාවිත කරමින්ද සුළු පරිමාණයෙන් විදුලි බලය නිපදවයි. ශ්‍රී ලංකාව තුළ තිරසර ජෛව ස්කන්ධ බලශක්ති නිෂ්පාදනය සහ නූතන ජෛව ශක්ති තාක්ෂණය ප්‍රචලිත කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි (UNDP) හා ආහාර හා කෘෂිකාර්මික සංවිධානයේ (FAO) මැදිහත් වීම හරහා ගෝලීය පාරිසරික පහසුකම (GEF) මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.9ක ඇස්තමේන්තුගත පිරිවැයකින් යුතු පස් අවුරුදු (2013 - 2017) ව්‍යාපෘතියක් සඳහා මූල්‍යමය ප්‍රදානයක් ලබාගැනීමට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය කටයුතු කර ඇත. මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කිරීම සඳහා පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.