• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-24 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපරාධයක වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට සහාය දැක්වීම සහ ආරක්ෂාව සැලසීම පිළිබඳ පනත් කෙටුම්පත
- යෝජිත නීතිය මඟින් අපරාධ යුක්ති විනිශ්චය ක්‍රමය තුළ, චූදිතයන්ගේ අයිතිවාසිකම්, අපරාධයක වින්දිතයන්ගේ හිමිකම් සහ අයිතිවාසිකම් මෙන්ම සාක්ෂිකරුවන්ගේ හිමිකම් අතර තුලනයක් ඇති කෙරෙනු ඇත. එමඟින් සාධාරණ නඩු විභාගයන් පැවැත්වීම සඳහා පහසුකම් සැලසීමද, අපරාධයක වින්දිතයන් සහ චූදිතයින් යන දෙපාර්ශ්වයටම යුක්තිය සැලසීමද සිදු වනු ඇත. ඉහත කරුණ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය, ගරු රවුෆ් හකීම් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නිර්දේශ පිණිස යොමු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.