• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීම - සිවිල් වැඩ කොන්ත්‍රාත්තු තුනක් (03) ප්‍රදානය කිරීම
- දක්ෂිණ අධිවේගී මාර්ගයේ කි.මී. 95.275ක දිගින් යුත් කොට්ටාව සිට ගාල්ල (පින්නදූව) දක්වා කොටස මේ වන විට ඉදි කොට ගමනාගමන කටයුතු සඳහා විවෘත කර ඇත. කි.මී. 30.25 ක දිගින් යුත් ගාල්ල (පින්නදූව) සිට මාතර (ගොඩගම) දක්වා කොටසේ ඉදි කිරීම් කටයුතු සිදුවෙමින් පවතින අතර, එම කොටසද ගමනාගමන කටයුතු සඳහා කෙටි කලකින් විවෘත කිරීමට අපේක්ෂිතය. දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා ආසන්න වශයෙන් කි.මී. 96 කින් දීර්ඝ කිරීම, හම්බන්තොට ජාත්‍යන්තර කේන්ද්‍රස්ථාන සංවර්ධන ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැලසීමට අවශ්‍ය මාර්ග ජාල සංවර්ධනය කිරීමේ කාර්යයට අයත් ප්‍රධාන උපාංගයන්ගෙන් එකකි. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි පහත සඳහන් කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස වරාය හා මහාමාර්ග අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* මාතර සිට බෙලිඅත්ත දක්වා - කි.මී. 30
* බෙලිඅත්ත සිට වැටිය දක්වා - කි.මී. 26
* අන්දරවැව හරහා මත්තල සිට හම්බන්තොට දක්වා - කි.මී. 25