• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මානව ශාස්ත්‍ර පීඨය සඳහා මහල් දෙකකින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම - කැලණිය විශ්වවිද්‍යාලය (කේ 20 ගොඩනැඟිල්ලේ IIIවෙනි අදියර)
- කැලණිය විශ්විද්‍යාලය මඟින් උපයා ගන්නා ලද ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 35ක මුළු පිරිවැයකින් කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨය සඳහා මහල් දෙකකින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කටයුතු සිදු කිරීමටත් එම කටයුතු නියමිත කාල රාමුව තුළදී නිම කිරීමට යටත්ව ඉදි කිරීම් කටයුතු රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ප්‍රදානය කිරීමටත් උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.