• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය/විදේශීය අරමුදල් මඟින් මාර්ග කොටස් පුනරුත්ථාපනය කිරීම
- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ඒ ඒ ප්‍රසම්පාදන කමිටු මඟින් කරන ලද නිර්දේශ පදනම් කර ගෙන මහා භාණ්ඩාගාරය විසින් කරනු ලබන නියමයන්ට යටත්ව දේශීය/විදේශීය අරමුදල් මඟින් පහත සඳහන් මාර්ග කොටස් පුනරුත්ථාපනය කිරීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම පිණිස වරාය හා මහාමාර්ග ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

දේශීය බැංකු විසින් සපයනු ලබන අරමුදල් මඟින් දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදවා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් -

* අඹේපුස්ස - කුරුණෑගල - ත්‍රිකුණාමලය (ඒ6) මාර්ගයේ ගල්වෙල සිට දඹුල්ල දක්වා (කි.මී. 14)
* වත්තල - මහර මාර්ගය (බී 460) (කි.මී. 0 - 7.24)
* වරකාපොළ - අඟුරුවැල්ල - කරවනැල්ල මාර්ගය (බී 499) (කි.මී. 0 - 12.50)
* කිරින්ද - පලටුපාන - යාල මාර්ගය (බී499) (කි.මී. 0- 12.50)
* පස්සර - මොනරාගල මාර්ගය (ඒ 22) (කි.මී. 0 - 27.0)
* තල්දූව - මීවිටිගම්මන මාර්ගය (බී 408) (කි.මී. 0 - 17.30)
* තල්ගොඩපිටිය - යටවත්ත - දොඹවෙල මාර්ගය (බී 409) (කි.මී. 0 - 26.40)
* පොළොන්නරුව - හිඟුරක්ගොඩ මාර්ගය (බී 552) (කි.මී. 2.0 - 13.65)
* නාරම්මල - දංකොටුව මාර්ගය (බී 308) (කි.මී. 16.03 - 45.25)

සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල මඟින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘතිය -

* කොළඹ - මහනුවර (ඒ1) මහා මාර්ගයේ පෑලියගොඩ සිට කිරිබත්ගොඩ දක්වා වූ මාර්ග කොටස (කි.මී. 5.86 - 13.10)
* කොළඹ - මහනුවර (ඒ1) මහා මාර්ගයේ පෑලියගොඩ සිට කිරිබත්ගොඩ දක්වා වූ මාර්ග කොටස (කි.මී. 5.86 - 13.10)

"නැ‍ඟෙනහිර නවෝදය" කඩිනම් සංවර්ධන වැඩසටහන යටතේ නැ‍‍ඟෙනහිර පළාතේ හෝ නැ‍ඟෙනහිර පළාතට ප්‍රවේශ වීම සඳහා වූ කි.මී. 153.67ක මුළු දිගින් යුත් මාර්ග හතක (07) කොටස් - * ඒ 17 - ගාල්ල - දෙනියාය - පැල්මඩුල්ල මාර්ගය (දෙනියාය සිට මාදම්පෙ දක්වා) - කි.මී. 51.90
* ඒ 27 - අම්පාර - උහන - මහ‍ඔය මාර්ගය - කි.මී. 27.83
* බී 73 - දඩයන්තලාව - උහන මාර්ගය කි.මී. 24.79
* බී 77 - චවලකඩේ - දඩයන්තලාව මාර්ගය
* බී 187 - කල්මුනේ - චවලකඩේ මාර්ගය
* බී 502 - මනම්පිටිය - අරලගන්විල - මාදුරුඔය මාර්ගය - කි.මී. 30.00
* බී 1 - අක්කරෙයිපත්තු - වරිපතන්චේනයි මාර්ගය - කි.මී. 19.15

සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල (OFID) විසින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘතිය -

* ඇහැලියගොඩ සිට දෙහිඕවිට දක්වා වූ මාර්ග කොටස (බී 110) - කි.මී. 0.00 - 16.69
* ඇතුල්කෝට්ටේ සිට කොහුවල දකවා වූ මාර්ග කොටස (බී 120) - කි.මී. 0.00 - 5.95

ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් අරමුදල් සපයනු ලබන ව්‍යාපෘතිය -

* කොළඹ - රත්නපුර මාර්ගයේ නුගේගොඩ සිට හෝමාගම දක්වා වූ මාර්ග කොටස - කි.මී. 1.0 - 15.36