• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුදු සැරයටි භාවිත කරන අ‍යගේ නෛතික රැකවරණය
- දෘශ්‍යාබාධිත ප්‍රජාව ඔබමොබ යාමේදී, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීමටත් අනන්‍යතාව හෙළි කිරීමටත් සුදු සැරයටි භාවිත කරනු ලැබේ. දැනට රට තුළ සිටින 2,00,000ක් පමණ වන දෘශ්‍යාබාධිත පුද්ගලයන් විසින් සුදු සැරයටි භාවිත කරනු ලබන නමුත් 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතේ ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් සලසා නැත. මෙම කරුණ සම්බන්ධයෙන් සමාජ සේවා අමාත්‍ය, ගරු ෆීලික්ස් පෙරේරා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදුව, විශේෂ අවශ්‍යතා සහිත සියලුම පුද්ගලයන්ට නෛතික රැකවරණය ලැබෙන පරිදි නීති සැකසිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.