• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිරි නිෂ්පාදනය නැංවීම සහ කිරි පට්ටිවල ඵලදායීතාව වැඩිදියුණු කිරීම සඳහා වූ බුරුලු ප්‍රදාහ පාලන වැඩසටහන
- දේශීය කිරි එළදෙනුන්ගේ කිරි නිෂ්පාදනයට සහ කිරිවල තත්ත්වයට වැඩි වශයෙන්ම බලපාන බහුලව දක්නට ලැබෙන රෝගය වන්නේ බුරුලු ප්‍රදාහයයි. මෙම රෝගය කිරි දෙන එළදෙනුන්ගේ තන බුරුලුවලට බලපෑම් එල්ල කරයි. පශු පර්යේෂණ ආයතනය (VRI) මඟින් දේශීයව නිෂ්පාදනය කෙරෙන බුරුලු නික්ෂේපණවල නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම මඟින් ජාතික බුරුලු ප්‍රදාහ පාලන වැඩසටහනක් රට පුරා ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත. පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය, ගරු ආරුමුගන් තොණ්ඩමාන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත යෝජනාව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.