• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු විසින් සපයනු ලබන අරමුදල් මඟින් දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදවා ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීම -කොන්ත්‍රාත් පිරිනැමීම
- ‍ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, දේශීය බැංකු විසින් සපයනු ලබන අරමුදල් උප‍යෝගී කරගනිමින් දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් පහත සඳහන් මහාමාර්ග පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම සඳහා වරාය හා මහාමාර්ග අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* කළුගමුව - විලකටුපොත මාර්ගය (බී 190) කි.මී. 0 සිට 21.180 දක්වා;
* කොළඹ - නුවර මාර්ගයේ (ඒ 1 ) කඩවත සිට නිට්ටඹුව දක්වා කි.මී. 23.00ක දිගින් යුත් මාර්ග කොටස;
* කොළඹ - නුවර මාර්ගයේ (ඒ 1 ) - නිට්ටඹුව සිට මහනුවර දක්වා මාර්ග කොටස - කි.මී. 40.54 සිට කි.මී. 114.50 දක්වා; සහ
* ගාල්ල සිට දෙණියාය (ඒ 7) මාර්ග කොටස - කි.මී. 78.20