• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2014 වර්ෂයේ දැයට කිරුළ වැඩසටහන සඳහා ජල පහසුකම් සම්පාදනය
- 2014 වර්ෂයේ දැයට කිරුළ සංවර්ධන වැඩසටහන සඳහා කුරුණෑගල, පුත්තලම සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක ඇතුළත් වන අතර, ප්‍රදර්ශනය වයඹ විශ්වවිද්‍යාලය, කාර්මික විද්‍යාලය සහ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට අයත් පරිශ්‍රයන් යොදා ගනිමින් කුලියාපිටියේදී පැවැත්වීමට නියමිතය. 2014 දැයට කිරුළ වැඩසටහන සඳහා වෙන් කිරීමට නියමිත අරමුදල් උපයෝගී කර ගනිමින් ප්‍රදර්ශන භූමියද ඇතුළුව වයඹ පළාත තුළ පානීය ජල සැපයුම සංවර්ධනය කිරීමට සැලසුම් කොට ඇත. යෝජිත ව්‍යාපෘතිය මඟින් වයඹ විශ්වවිද්‍යාලයට, කුලියාපිටිය කාර්මික විද්‍යාලයට සහ කුලියාපිටිය සහ කෑගල්ල නගරවලට සහ එම නගර ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි ජනතාවට සෘජු ප්‍රතිලාභ අත්වනු ඇත. මෙයට අදාළ ඉදිරි කටයුතු කිරීම සඳහා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.