• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආයතන සංග්‍රහයේ VI වන පරිච්ඡේදයේ 2:5, XIIවන පරිච්ඡේදයේ 1:5 සහ XXVIIIවන පරිච්ඡේදයේ 6:4 උප වගන්ති සංශෝධනය කිරීම
- රාජ්‍ය නිලධාරින් විසින්, විශේෂයෙන්ම පූර්ව අනුමැතිය නොලබා හදිසි කරුණක් හේතුවෙන් සේවයට වාර්තා කළ නොහැකි වූ විටෙක ඒ බව දෙපාර්තමේන්තු ප්‍රධානියාට දැනුම් දෙන එක් ක්‍රමයක් වශයෙන් ප්‍රයෝජනයට ගත් විදුලි පණිවුඩ සේවය, 2013 10 01 දින ‍සිට ක්‍රියාත්මක නොවේ. එබැවින්, තැපැල් දෙපාර්තමේන්තුව විසින් විදුලි පණිවුඩ සේවය වෙනුවට විකල්පයක් වශයෙන් හඳුන්වා දී ඇති ටෙලි-මේල් සේවය මඟින් යොමු කරන පණිවිඩයක් රාජ්‍ය නිලධාරීන්ට නිවාඩු ගැනීම සඳහා වූ නීත්‍යනුකූල ලියවිල්ලක් ලෙස පිළිගැනීම සඳහාත්, ඒ අනුව, ආයතන සංග්‍රහයේ සලසා ඇති ප්‍රතිපාදනවලට අවශ්‍ය සංශෝධන සිදු කිරීම සඳහාත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.