• Increase font size
  • Default font size
  • Decrease font size

2013-08-01 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1969 අංක 01 දරන ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කර ඇති ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- පවත්නා සංඛ්‍යාලේඛනවලට අනුව 2012 වසරේදී වී මෙට්‍රික් ටොන් 1,467,545 ක අතිරික්තයක් පවතින අතර ඊට අමතරව බඩඉරිඟු, මුංඇට, කවුපි, සෝයා බෝංචි ආදී භෝග නිෂ්පාදනයද ඉහළ ගොස් ඇත. පොහොර, බීජ, ජලය, ණය පහසුකම්, නවීන තාක්ෂණික උපරණ, ගබඩා පහසුකම් ආදිය නිසි කලට ලබා දීමට අදාළ බලධාරින් විසින් පියවර ගෙන ඇත. ඒ අනුව 1969 අංක 01 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ සහල් අපනයනය සීමා කිරීමට පනවා ඇති නියෝග පරිච්ඡින්න කිරීම පිණිස අංක 1819/32 හා 2013 07 18 දිනැති අති‍විශේෂ ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.