• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
"ප්‍රජා සංවර්ධනය සඳහා ජල සම්පතේ සහාය" පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය - 2013 අගෝස්තු
- මෙම සම්මන්ත්‍රණය, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සභාපතිත්වයෙන් 2013 අගෝස්තු මස 16 සිට 18 දින දක්වා අනුරාධපුර‍යේදී නගරයේදී පැවැත්විමට නියමිතය. "ජාත්‍යන්තර ජල සහයෝගිතා වර්ෂය" යන එක්සත් ජාතීන්ගේ මේ වසරේ ප්‍රකාශිත තේමාව සමරනු පිණිස මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර ඇත. මෙම සම්මන්ත්‍ර‍ණයේ අරමුණ වන්නේ සිය ජල ව්‍යාපෘති කළමනාකරණය කර ගන්නා ප්‍රජාවන් අතර දැනුම, උපාය මාර්ග හා මනා ප්‍රශස්ත හුවමාරු කරගැනීම සඳහාත් සංවාදය/කතාබහ, අනෝන්‍ය අවබෝධය හා සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහාත් වේදිකාවක් තනා‍දීමයි. ප්‍රජා ජලසම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘති තුළින් පානීය හා සෞඛ්‍යාරක්ෂක පහසුකම් සඳහා අවශ්‍ය ජලය තමන් විසින්ම සපයා ගැනීමට ප්‍රජා සංවිධාන උනන්දු කරවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වසර 15කට අධික අත්දැකීම් ලබා ඇත. ජාතික ප්‍රජා ජල භාරයේ සහ ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහයෝගය මත මෙකී ජල සම්පාදන යෝජනා ක්‍රම කළමනාකරණය, මෙහෙයවීම හා නඩත්තු කිරීමට බලය එකී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවන ලද 3,500කට අධික ප්‍රජා මූල සංවිධාන වෙත මේ වන විට පවරා ඇත. ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය, භූතානය, ඇෆ්ගනිස්ථානය සහ මාලදිවයින යන රටවලින් නියෝජිතයන් 500ක් පමණ මෙම සම්මන්ත්‍රණයට සහභාගිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.මෙම සම්මන්ත්‍රණයට අදාළ ඉදිරි කටයුතු කිරීම සඳහා ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.