• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තහනම් උත්තේජක භාවිතය පාලනය කිරීමේ නියාමන පනත් කෙටුම්පත
- 2005 ඔක්තෝබර් මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) මහා සභා රැස්වීමේදී ක්‍රීඩාවේදී තහනම් උත්තේජක භාවිතයට එරෙහි අන්තර්ජාතික සම්මුතියක් සම්මත කර ගත් අතර, 2011 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා රජය එකී සම්මුතිය පිළිගන්නා ලදී. ක්‍රීඩාවේදී එසේ තහනම් උත්තේජක භාවිතය වළක්වාලීම ප්‍රවර්ධනය කරමින් එය තුරන් කිරීම සම්මුතියේ අරමුණයි. ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් නිර්දේශ කර ඇති සංශෝධන අදාළ පනත් කෙටුම්පතට ඇතුළත් කිරීමෙන් අනතුරුව, එම කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ක්‍රීඩා අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.