• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතර සිට කතරගම දක්වා නව දුම්රිය මාර්ගයක් තැනීම - අදියර II හා III
- මාතර සිට බෙලිඅත්ත දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට අදාළ ව්‍යාපෘතියේ අදියර I හි ඉදිරි කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දී ඇත. ව්‍යාපෘතියේ II වන අදියර වන බෙලිඅත්ත සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය, මුහුදුබඩ තීරයේ පිහිටි ස්වාභාවික වාසස්ථාන ආරක්ෂා කිරීම පිණිසත්, ජනතාව හා දේපළ කෙරෙහි වන හානිය තවදුරටත් අවම කිරීම පිණිසත්, වඩාත් රට තුළට වන්නට ඉදි කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, අඟුණකොළපැලැස්ස, වැටිය හන්දිය, අන්දරවැව, මත්තල හා ලුණුගම්වෙහෙර යන ප්‍රදේශ ආවරණය වන පරිදි සුදුසු ස්ථානයකින් හම්බන්තොට නගරය යා කරමින් බෙලිඅත්ත සිට කතරගම නව දුම්රිය මාර්ගය ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සහ පාරිසරික බලපෑම් තක්සේරුවක් සිදු කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය ගරු කුමාර වෙල්ගම මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.