• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෑ/ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ, නාය යාම නිසා ඉවත් කරන ලද ඩබ්ලිව්.ඒ.සිල්වා ගොඩනැඟිල්ල වෙනුවට ඉදි කිරීමට යෝජිත සිවුමහල් ගොඩනැඟිල්ල සහ හානියටපත් වූ ඊට යාබදව පිහිටි ප්‍රධාන ශාලාව නවීකරණය
- කෑ/ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ සිසුවියන් 4,500ක් පමණ ඉගෙනුම ලබන අතර, එම විද්‍යාලය නුවර - කොළඹ මහා මාර්ගයට අත්‍යාසන්නයේ පිහිටා ඇත. මෑතකදී සිදු වූ නාය යෑමක් හේතුවෙන් පාසලේ පැති බැම්මට ආසන්නයේ පිහිටි ඩබ්ලිව්.ඒ.සිල්වා ශාලාව කඩා ඉවත් කර ඇති අතර, ඊට ආසන්නයේ පිහිටි ප්‍රධාන ශාලාවේ කොටසක් ද ඉවත් කර ඇත. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් අදාළ ස්ථානය පරීක්ෂා කොට, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සිය නිරීක්ෂණ ඉදිරිපත් කරන ලදී. නව සිවුමහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමටත්, අර්ධ වශයෙන් හානියට පත් වූ ප්‍රධාන ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමටත් යෝජනා වී ඇත. 2013 වසරට අදාළ වියදම් දැනටමත් වෙන් කර දී ඇති ප්‍රතිපාදන ඇතුළත කළමනාකරණය කර ගනිමින්, එකී ඉදිකිරීම් වැඩ ඉදිරියට කරගෙන යාමටත්, ඉතිරි ප්‍රතිපාදන 2014 වර්ෂයේදී ලබා ගැනීමටත්, පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව පාසලේ පැති බැම්ම මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරවා ගැනීමෙන් අනතුරුව, ඉදිකිරීම් වැඩ ආරම්භ කිරීමටත් අධ්‍යාපන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.