• Increase font size
  • Default font size
  • Decrease font size

2013-07-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2012/13 මහ හා 2013 යල කන්නයන්හි වී අස්වනු මිලදී ගැනීම සඳහා අරමුදල් කළමනාකරණය හා මිලදී ගත් වී තොග අලෙවි කිරීම
- 2012/13 මහ කන්නයේ ඇස්තමේන්තුගත වී නිෂ්පාදනය මෙ.ටො. මිලියන 2.72 ක් පමණ වූ අතර, එම කන්නයේ වී නිෂ්පාදනය මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්කවල 10%කින් ද හම්බන්තොට දිස්ත්‍රික්කයේ 42% කින් ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ 55% කින් ද වර්ධනය වී ඇත. වී මිල දී ගැනීම සඳහා අදාළ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත රුපියල් මිලියන 899ක අත්තිකාරම් මුදාහැර ඇති අතර, 2013 ජුනි 30 දින වන විට මිල දී ගෙන ඇති වී ප්‍රමාණය මෙ.ටො. 22,705 ක් විය. 2013 යල කන්නයේ වී අස්වනු නෙළීම් 2013 ජූලි මස අග පමණ වන විට ආරම්භ වීමට නියමිත අතර, 2013 යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා රාජ්‍ය බැංකු මඟින් වී අලෙවි මණ්ඩලය වෙත රුපියල් මිලියන 1650ක ‍ඔඩපණ ණය පහසුකම් ලබා දීමට නියමිතය. 2012 වසරේ පැවති නියඟයේ බලපෑමට හසු වූ අදාළ දිස්ත්‍රික්කවල 2012 යල කන්නයේ වී නිෂ්පාදනයට සාපේක්ෂව 2013 යල කන්නයේ අපේක්ෂිත වී නිෂ්පාදනය ඉහළ අගයක් ගන්නා බැවින්, මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමටත්, 2013 යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයේ චක්‍රීය අරමුදලින් රුපියල් මිලියන 1,500ක් වෙන් කර දීම සඳහා භාණ්ඩාගාරයේ ලේකම්වරයාට බලය පැවරීමටත් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.