• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දෙවැනි නව කැලණි පාලම ඉදි කිරීම සඳහා අධිසැර විදුලි රැහැන් විස්ථාපනය කිරීම
- ජපාන ජාත්‍යන්තර ස‍හයෝගිතා නියෝජිතායතනයේ ආධාර ඇතිව ඉදි කිරීමට යෝජිත නව කැලණි පාලම ඉදි කිරීමට පෙර නව කැලණි පාලම ආශ්‍රිත රථවාහන ගමනාගමනය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රාරම්භක අධ්‍යයනයක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කරගෙන යනු ලැබේ. යෝජිත නව පාලම සහ ඒ හා බැඳි මාර්ග පද්ධතිය සඳහා ඉඩ කඩ සැලසීම පිණිස, ඉහළින් පිහිටා ඇති අධිසැර විදුලි සම්ප්‍රේෂණ රැහැන් මාර්ග දෙක භූගත රැහැන් මාර්ග බවට පරිවර්තනය කළ යුතු බවට හඳුනාගෙන ඇත. මෙම අධිසැර විදුලි සම්ප්‍රේෂණ මාර්ග විස්තාපනය කිරීම සම්බන්ධ ඉදිරි කටයුතු කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය, ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.