• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ, ඩී.ආර්.විජේවර්ධන මාවතේ ඒකාබද්ධ නිකේතනයක් ස්ථාපිත කිරීම හා එහි මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා වූ යෝජනාව
- ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක මුළු ආයෝජනයක් සහිත වූ මෙම ව්‍යාපෘතියට, අවම වශයෙන් කාමර 400 කින් සමන්විත හෝටලයක් සම්මේලන පහසුකම්, භෝජන ශාලා සහ අනෙකුත් ආනුෂංගික පහසුකම් ඇතුළත් වේ. මෙම ව්‍යාපෘතිය මඟින් දේශීය පුද්ගලයන් 2,600 ක් සඳහා ඝෘජු රැකියා උත්පාදනය කරන අතර වක්‍ර රැකියා අවස්ථාද එමඟින් ඇති කෙරේ. මෙම ව්‍යාපෘතිය ප්‍රදානය කිරීමට අදාළ වූ ඉදිරි කටයුතු කිරීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය, ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.