• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ 02 ග්ලෙනි වීදියේ හා විනිසුරු අක්බාර් මාවතේ ස්ථාපිත කිරීමට නියමිත ඒකාබද්ධ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපෘතිය
- ඇමෙරිකානු ඩොලර් මිලියන 650 ක මුළු ආයෝජනයකින් යුත්, ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන කාලය තුළදී 3,000 සිට 4,000 දක්වා සංඛ්‍යාවකට ඝෘජු රැකියා අවස්ථා සැලසෙන මෙන්ම ඊට අමතරව ව්‍යාපාරික මෙහෙයුම් ආරම්භ වත්ම 3,000කට ඝෘජු හා වක්‍ර රැකියා සැපයෙන, සම්මේලන මධ්‍යස්ථානයකින්, විනෝදාස්වාද පහසුකම්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල සාප්පු සංකීර්ණයකින්, සුඛෝපභෝගී සහාධිපත්‍ය නිවාස සංකීර්ණයකින් සහ කාර්යාලයීය ඉඩකඩවලින් සමන්විත බහු/මිශ්‍ර සුඛෝපභෝගී ඒකාබද්ධ නිකේතනයක් ස්ථාපිත කිරීම සඳහාත්, 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධිත) පනත යටතේ ප්‍රදානය කළ හැකි නිදහස් කිරීම් ලබාදීම සඳහාත්, අයෝජන ප්‍රවර්ධන අමාත්‍ය, ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.