• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ස්ත්‍රී පුරුෂ සමාජභාවයීය සාධාරණත්වය සහ 2015 පශ්චාත් සංවර්ධන න්‍යාය පත්‍රය පිළිබඳව 9 වැනි කලාපීය කාන්තා කටයුතු ඇමතිවරුන්ගේ සහ පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ සමුළුව සඳහා ශ්‍රී ලංකා නියෝජනය
- ජනගහනය සහ සංවර්ධනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය (AFPPD) සහ ළමා ජනගහන සහ සංවර්ධනය සඳහා වූ කොරියානු පාර්ලිමේන්තු ලීගය සමඟ කටයුතු කරමින්, කොරියානු සැලසුම්ගත ජනගහන මණ්ඩලය සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ ජපන් භාරකාර අරමුදලේ සහයෝගයෙන් 2013 වර්ෂයේ මැයි මස 15 සහ 16 දෙදින තුළ දකුණු කොරියාවෙහි සෝල් නගරයේදී පැවැත්වුණු ඉහත සඳහන් සමුළුවට, ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය, ගරු තිස්ස කරල්ලියද්ද මැතිතුමාගේ නායකත්වයෙන් යුත් නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිස සහභාගි වූහ. ආසියානු ෆැසිෆික් කලාපයේ රටවල් 15කට වැඩි ගණනක් නියෝජනය කරමින් නියෝජිතවරුන් 45 දෙනෙක් මෙම සමුළුවට සහභාගි වූහ. ගරු තිස්ස කරල්ලියද්ද මැතිතුමා විසින් සිය කථාවේදී, කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහිව සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් තුරන් කිරීම සඳහාත් ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය ශ්‍රී ලංකාව තුළ පවත්වාගෙන යාම උදෙසා සහ ස්ත්‍රී- පුරුෂභාවය, ජනවාර්ගිකත්වය, ආගම් හෝ කුල ගෝත්‍ර භේදයකින් තොරව සියලුම පුරවැසියන්ට අධ්‍යාපන, සෞඛ්‍ය සහ රැකියා පහසුකම් ලබාදීම උදෙසාත්, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති පියවර සහ සිදුකර ඇති ව්‍යුහාත්මක වෙනස්කම් අවධාරණය කරන ලදී. මෙම සමුළුවට සහභාගිවූවෝ ශ්‍රී ලංකාව ලඟා කරගෙන ඇති සහඝ්‍ර සංවර්ධන ඉලක්කයන්, විශේෂයෙන්ම ඉතා ඉහළ සාක්ෂරතාව, තෘතියික අධ්‍යාපනයේදී කාන්තාවන්ගේ සහභාගිත්වය, පහළ මට්ටමක පවතින මාතෘ සහ ළදරු මරණ අනුපාතිකයන්, ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනයේදී ගැහැණු දරුවන්ගේ සහභාගිත්වයේ ඉහළ අනුපාතය සහ වෘත්තීමය රැකියාවල සේවයේ නියුතු කාන්තාවන්ගේ ඉහළ අනුපාතය ආදිය අගය කළහ. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය, ගරු තිස්ස කරල්ලියද්ද මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් අගය කිරීමකින් යුතුව සැලකිල්ලට ගන්නා ලදී.