• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බේස්ලයින් මාර්ගයේ කැලණිතිස්ස වටරවුමේ සිට කනත්ත වටරවුම දක්වා (කි.මී. 0.00 - කි.මී. 4.80) කොටසෙහි මාර්ගය මතුපිට නැවත සැකසීම සහ වැඩිදියුණු කිරීම් සිදු කිරීම
- බේස්ලයින් මාර්ගයේ කැලණිතිස්ස වටරවුමේ සිට කනත්ත වටරවුම දක්වා (කි.මී. 0.00 - කි.මී. 4.80) කොටස ධාවන මංතීරු හයකින් යුත් ද්විත්ත්ව මාර්ග පථයකින් සමන්විත වේ. වඩා හොඳ සේවයක් සැලසීම සඳහා මෙම කොටසෙහි මාර්ග මතුපිට නැවත සැකසීම කඩිනම් කිරීම අවශ්‍ය වී තිබේ. මේ සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම සඳහා වරාය හා මහාමාර්ග අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.