• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා දෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 59කින් සමන්විත වන අතර, එහි මුළු ජනගහනය 75,000ක් පමණ වේ. මෙම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට වඩා හොඳ සේවාවන් සැපයීම සඳහා රුපියල් මිලියන 50ක වියදමින් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා දෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය, ගරු ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.