• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බදුල්ල නගරයේ සේනානායක පිටියේ භූගත රථ ගාලක් ඉදි කිරීම
- මහජනතා‍වගේ පහසුව සඳහා බදුල්ල නගරයේ හරිත උද්‍යානයක් සහ භූගත රථ ගාලක් ඉදි කිරීම සඳහා යෝජිතව ඇත. 2013 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවේ බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයාට වෙන් කර දී ඇති රුපියල් මිලියන 15ක ප්‍රතිපාදන යොදා ගනිමින් මෙම ව්‍යාපෘතියේ මූලික කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය, ගරු ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.