• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වියළි කලාපීය නාගරික ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය - ජලය ගබඩා කිරීමේ ජල තටාක සහ ජල ස්තම්භ මන්නාරම ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව
- ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩය විසින්, ශ්‍රී ලංකා රජයේ දායකත්වය සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ ණය ආධාර මඟින් ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. පුත්තලම, හලාවත, වවුනියාව සහ මන්නාරම නගර හතරෙහි (04) මෙම ව්‍යාපෘතියේ විවිධ අංගයන් ක්‍රියාත්මක කිරීම සඳහා කොන්ත්‍රාත් පැකේජ 15ක් ප්‍රදානය කිරීමට නියමිත අතර, ඉහත සඳහන් වන්නේ එවන් එක් කොන්ත්‍රාත්තුවකි. මෙම කොන්ත්‍රාත්තුවට භූගත ජලාශ දෙකක්, උස් ජල කුලුනක් සහ ක්ලෝරීනකරණ පද්ධතියක් ඇතුළත් වේ. අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශිත පරිදි මෙම කොන්ත්‍රාත්තුව අගයනු ලැබූ අවම මිල ගණන් සහිත ලංසුකරුට ප්‍රදානය කිරීම සඳහා ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉහත යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.