• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උරුම කළමනාකරණ වැඩමුළුව
- ඉන්දියානු සමුද්‍ර තීරය ආශ්‍රිත රටවල කලාපීය සහයෝගීතා සංගමය (IOR-ARC) 1995 දී ස්ථාපිත කරන ලද අතර, කාලාපීය සහයෝගීතාව සඳහා වන එහි ප්‍රධාන ඉලක්කය සමඟ 1997 මාර්තු මස මුරුසියේදී විධිමත්ව දියත් කෙරිණි. එය දැනට සාමාජික රටවල් 20කින් සමන්විත වේ. ඉහත වැඩසටහන දෙදින වැඩමුළුවක් වන අතර 2014 මැයි මස පැවැත්වීමට අපේක්ෂිතය. එය ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කරයි. මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වන්නේ (IOR-ARC) සාමාජික රටවල සංස්කෘතික හා උරුම විවිධත්වය සම්බන්ධයෙන් සාමාජික රාජ්‍යයන් අතර දැනුවත්භාවයක් ඇති කිරීමයි. ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය, ගරු (ආචාර්ය) ජගත් බාලසූරිය මැතිතුමා විසින් මෙයට අදාළ ඉදිරි කටයුතු කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉහත යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.