• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොකෝවා සංවර්ධන ව්‍යාපෘතිය - ඌව වෙල්ලස්ස
- බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ශ්‍රී ලංකාවට කොකෝවා හඳුන්වා දෙනු ලැබුවේ 1834 වර්ෂයේදීය. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මාතලේ සහ ඌව වෙල්ලස්ස ප්‍රදේශවල කොකෝවා වගාව ඇති කරන ලද්දේ රබර් සහ පොල් සමඟ අතුරු වගාවක් ලෙසය. ඌව පළාතේ හෙක්ටයාර 5,000ක අලුත් රබර් වගා වැඩසටහනක් අරඹා ඇති අතර, එම වැඩසටහන මඟින් අතුරු වගාවක් ලෙස කොකෝවා වගාව ආරම්භ කිරීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කර ඇත. ඉහත ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, අදාළ කලාපවල පාරිසරික සමතුලිතතාව රැකගනිමින්, පවත්නා ඉඩම්වලින් උපරිම ප්‍රයෝජනය ලබාගන්නා අතරම, වසර 2020දී කොකෝවා වගාව හෙක්ටයාර 3,000ක් දක්වා වැඩි කරගැනීම සහ කොකෝවා අස්වැන්න මෙට්රික් ටොන් 5,550ක් දක්වා ඉහළ නැංවීමයි. සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍ය, ගරු රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන්, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ සමීප සහයෝගිතාව ඇතිව එහි ඉදිරි කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දෙන ලදී.