• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බංගලාදේශයේ ඩකා අගනුවර පැවති දසවෙනි පොදු රාජ්‍ය මණ්ඩල කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරුන්ගේ සම්මේලනය
- ලන්ඩනයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ලේකම් කාර්යාලයේ අනුග්‍රහයෙන් බංගලාදේශයේ ඩකා අගනුවර මෑතකදී පවත්වන ලද ඉහත සම්මේලනය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය ගරු තිස්ස කරල්ලියද්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුතු නියෝජිත පිරිසක් සහභාගී වූහ. මෙම සම්මේලනය සඳහා රටවල් 30කින් 250ක පමණ වූ නියෝජිත පිරිසක් පැමිණ සිටියහ. මෙම සම්මේලනයේදී අධ්‍යාපනය, සාක්ෂරතාව, වෘත්තීමය ජයග්‍රහණ, සහ වගකීම් දැරීමට දක්වන කැමැත්ත යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවේ කාන්තාව අත් කර ගෙන ඇති ප්‍රගතිය මෙම සම්මේලනයට සහභාගි වූ අනෙකුත් බොහෝ රටවලට වඩා ඉහළ බව අනාවරණය විය.