• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
(අ) ජාත්‍යන්තර ත්‍රස්තවාදය, දේශ සීමා ඉක්මවා සංවිධානාත්මකව සිදු කරන අපරාධ හා නීති විරෝධී ලෙස සිදු කරන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මැඬපැවැත්වීම සඳහා වූ සහයෝගිතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සම්මුතිය (බිම්ස්ටෙක්) -
(අ) ජාත්‍යන්තර ත්‍රස්තවාදය, දේශ සීමා ඉක්මවා සංවිධානාත්මකව සිදු කරන අපරාධ හා නීති විරෝධී ලෙස සිදු කරන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මැඬපැවැත්වීම සඳහා වූ සහයෝගිතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සම්මුතිය (බිම්ස්ටෙක්) -

මෙම සම්මුතියේ ප්‍රධාන ලක්ෂණ වන්නේ;

* සාමාජික රටවල නීතිය බලාත්මක කිරීමේ නියෝජිතායතන අතර සහයෝගිතාව වැඩිදියුණු කරන අතර, අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඇති අත්දැකීම් බෙදා හදා ගැනීම සඳහා සහයෝගිතාව ඇති කිරීම;

* ත්‍රස්තවාදය, දේශ සීමා ඉක්මවා සංවිධානාත්මකව සිදු කරන අපරාධ හා නීති විරෝධී ලෙස සිදු කරන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා අරමුදල් සැපයීම පිළිබඳ තොරතුරු බෙදා හදා ගැනීම සහ හුවමාරු කර ගැනීම;

* සාපරාධි කටයුතු, අත්අඩංගුවට ගැනීම හා උදර්පණය සම්බන්ධයෙන් සම්මුතියේ විෂය පථය මඟින් ආවරණය වන අපරාධවල නියැළෙන පුද්ගලයින්ට හා ඔවුන්ගේ හවුල්කරුවන්ට නඩු පැවරීම පිළිබඳ අන්‍යෝන්‍ය නෛතික සහාය සඳහා පහසුකම් සැලසීමේ ක්‍රම සහ විධි සම්බන්ධීකරණය කිරීම.

(ආ) බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ බලශක්ති මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම සඳහා එහි සාමාජික රටවල් අතර සහයෝගිතා ගිවිසුම - මෙම සංවිධානයේ ප්‍රධාන අරමුණු වන්නේ;

* කලාපයට අදාළ වන බලශක්තිය හා සම්බන්ධ දත්ත පාදකයක් ඇති කිරීම, කළමනාකරණය සහ ඇගයීම;

* කලාපය තුළ ක්‍රියාත්මක වන පවතින ජාතික මට්ටමේ ආයතන අතර ජාලකරණය සිදු කිරීම සඳහා කාර්ය රාමුවක් සැකසීම සහ ඒ අනුව ක්‍රියා කිරීම; සහ

* ශක්‍යතා සංවර්ධනය උදෙසා සහ විශිෂ්ටතා පරිචයන් පිළිබඳ අත්දැකීම් බෙදා හදා ගැනීම සඳහා වූ සහයෝගිතාව වර්ධනය කිරීම.

ඉහත කටයුතුවලට අදාළ ඉදිරි කටයුතු කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.