• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය විශ්වවිද්‍යාලයේ සංවර්ධන කටයුතු සඳහා ඉඩමක් මිල දී ගැනීම
- යාපනය විශ්වවිද්‍යාලයේ වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 5700ක් පමණ වේ. මෙම විශ්වවිද්‍යාලයේ විද්‍යා, කලා (නීති අංශයද ඇතුළත්ව) කළමනාකරණ හා වාණිජ සහ වෛද්‍ය (සම සෞඛ්‍ය විද්‍යා අංශයද ඇතුළත්ව) යන පීඨ සහ සිද්ධ වෛද්‍ය ඒකකය සහ ලලිත කලා පිළිබඳ රාමනාදන් ඇකඩමිය යන ආයතනද යාපනයේ පිහිටුවා ඇත. යාපනයේ විශ්වවිද්‍යාලයේ තත්ත්වය නඟා සිටුවීම සඳහාත්, වැඩිවෙමින් පවතින ශිෂ්‍ය ප්‍රජාවට ඉඩ පහසුකම් සැලසීම සඳහාත් මෙම ව්‍යාපෘතිය ඉතා වැදගත් සංවර්ධන කටයුත්තක් ලෙස හඳුනාගෙන ඇත. එබැවින්, විශ්වවිද්‍යාලයේ කටයුතු පුළුල් කිරීම අරමුණු කොට ගෙන, හඳුනාගත් ඉඩම් කොටසක් මිල දී ගැනීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.